රුසියාවේ ඔත්තු සේවා මධ්‍යස්ථානයක දරුණු පිපිරුමක්

අද (18) උදෑසන දකුණු රුසියාවේ Rostov-on-Don නගරයේ පිහිටි ෆෙඩරල් ආරක්ෂක සේවයට අයත් දේශසීමා මුර සංචාර අංශයේ ගොඩනැගිල්ලක ඇති වූ පිපිරීම් මාලාවක් සමග ගින්නක් හටගෙන ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. මෙම ගින්නට හේතු වී ඇත්තේ එම ගොඩනැගිල්ලේ තිබූ අවි ගබඩාවක් පිපිරී යාමය.
යුක්රේනයේ සිට සැතපුම් 75 ක් දුරින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර එය රුසියාවේ ප්‍රධාන ඔත්තු සේවාවකට අයත් ගොඩනැගිල්ලක් වීම විශේෂත්වයකි. එම සිදුවීමෙන් ගොඩනැගිල්ලේ සිටි එක් අයෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. ගින්නෙන් නගරයේ විශාල ප්‍රදේශයක් කළු දුමෙන් වැසී ගිය බවත් සෑම තත්පර 10 කට වරක් ගොඩනැගිල්ලේ ඇති ආයුධ ගබඩාවෙන් පිපිරීම් ශබ්ද ඇසුණු බවත් ප්‍රදේශවාසීන් පවසා ඇත.
මෙම ආරක්ෂක සේවයේ රුසියානු ප්‍රධාන ඔත්තු බලකාය වන FSB රහස් සේවයේ හිටපු ප්‍රධානී වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ද ඇතුළුව ප්‍රබල දේශසීමා ආරක්ෂකයින් පිරිසක් සේවය කර ඇති අතර ජනාධිපති පුටින් විසින් යුක්රේනයට එරෙහිව සිදුකරන යුද්ධයට විරුද්ධ කණ්ඩායමක් විසින් මෙම ක්‍රියාව සිදුකරන්නට ඇති බවට සැකයක් මතු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. නමුත් යුක්රේනය මේ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් මේ දක්වා නිකුත් කර නොමැති බව වාර්තා වේ.
203 Views
Comments