ගුවන් යානයක් තුළ පැටිස් කකා කෝපි බීපු ගුවන් නියමුවන්ට වැඩ වැරදුණ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ගුවන් යානයක් තුළ පැටිස් කකා කෝපි බීපු ගුවන් නියමුවන්ට වැඩ වැරදුණ හැටි

ගුවන් යානයක් තුළ පැටිස් කකා කෝපි බීපු ගුවන් නියමුවන්ට වැඩ වැරදුණ හැටි

ඉන්දීය ගුවන් සේවයක් වන SpiceJet හි ගුවන් නියමුවන් දෙදෙනෙකු ගුවන් ගමනක් අතරතුර නියමු කුටියේ පැටිස් සහ කෝපි පානය කරන ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔවුන් සේවයෙන් පහ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. නියමු කුටියේ ආහාර පාන සම්බන්ධයෙන් ගුවන් සමාගම්වලට දැඩි නීති ඇති බැවින් SpiceJet ගුවන් සමාගමට දැඩි ලෙස අනතුරු අඟවා ඇති බවත් සඳහන් වේ.

 

 

මාර්තු 8 වැනිදා දිල්ලියේ සිට ගුවහාටි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී මෙම සිදුවීම සිදුව ඇති අතර ඡායාරූපයේ දැක්වෙන්නේ ආවරණය නොකළ කෝපි කෝප්පයක් සහ ශ්‍රී ලංකාවේ 'පැටිස්' හා සමාන ඉන්දියාවේ 'ගුජියාස්' ලෙස හඳුන්වන බැදපු පේස්ට්‍රි වර්ගයක් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

238 Views

Comments

arrow-up