හෘදයාබාධයක් හේතුවෙන් ක්‍රීඩා පිටිය මැද අවසන් ගමන් ගිය ක්‍රීඩකයා

අයිවරි කෝස්ට්හි පාපන්දු තරගයක් අතරතුර හෘදයාබාධයකට ලක්වීමෙන් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට අබිඩ්ජාන් ප්‍රදේශයේ පසුගිය දා පැවති පාපන්දු තරගයක් අතරතුර එලෙස මියගොස් ඇත්තේ මුස්තෆා සිල්ලා නැමැති 21 හැවිරිදි ක්‍රීඩකයෙකි. තරගය අතරතුර හදිසියේ ඇදවැටුණු ක්‍රීඩකයාව කඩිනමින් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන් වේ.
ගතවු වසර 04 තුළ අයිවරි කෝස්ට්හි පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙකු හදිසි හෘදයා බාධවලට ලක්වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
208 Views
Comments