MAR
06
පිලිපීනයේ මින්දනාවු හි භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවු දිවයිනේ රිච්ටර් මාපක 5.4 ක අගයකින් යුත් භූචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා සිටී.
Davao නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 25 දුරින් එරට වේලාවෙන් අද (06) පෙරවරු 4.43ට පමණ මෙම භූචලනය පොළවේ සිට කිලෝමීටර 10 ගැඹුරින් සිදුව තිබේ.
භුචලනය හේතුවෙන් සිදුවු හානි පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති අතර මෙම භූචලනය හේතුවෙන් සිය රටට බලපෑමක් නොමැති බව මැලේසියානු කාලගුණ ආයතනය පවසා සිටී.
233 Views
Comments