කැලිෆෝනියාවේ දරුණු හිම කුණාටුව තවත් උග්‍ර අතට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

කැලිෆෝනියාවේ දරුණු හිම කුණාටුව තවත් උග්‍ර අතට

කැලිෆෝනියාවේ දරුණු හිම කුණාටුව තවත් උග්‍ර අතට

ඇමරිකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බවයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, අධික හිමපතනයක් සමග දැඩි වර්ෂාපතනයක් ද තවමත් වාර්තා වන බව ය.

 

බොහෝ ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට අධික හිමපතනය සහ අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ලොස් ඇන්ජලීස් නගරයේ සහ ඊට තදාසන්න ප්‍රදේශවල අධික හිම පතනයක් දක්නට ලැබෙන බව ඇමරිකාවේ කාලගුණ විද්‍යා අංශය පවසයි.

 

ප්‍රාන්ත බලධාරීන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ, ලොස් ඇන්ජලීස් නගරයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 85,000 කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන් වේ. එම නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ගංවතුර හේතුවෙන් වසා දමා තිබේ.

views

193 Views

Comments

arrow-up