ඇමරිකානු ජනපති ජෝ බයිඩන් යුක්‍රේනයේ සංචාරයක

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයට පැමිණ එරට ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් බව සඳහන් වන අතර ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙලෙස යුක්‍රේනයට පැමිණ ඇත්තේ රුසියානු යුක්‍රේන යුද්ධයට වසරක් සම්පූර්ණ වීමත් සමග වීම විශේෂත්වයක් වේ.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ සංචාරය රහසිගතව සිදු කොට තිබූ අතර, ඔහු සමග පැමිණ ඇත්තේ වාර්තාකරුවන් දෙදෙනකු පමණක් බවද ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී, ඇමරිකානු ජනාධිපතිවරයා නව අවි ආයුධ සඳහා ඩොලර් මිලියන 500 ක් ආධාර වශයෙන් ලබා දෙන බව ද ප්‍රකාශයට පත් කර ඇති අතර බයිඩන් ගේ හදිසි යුක්‍රේන සංචාරය සම්බන්ධයෙන් රුසියානු රජය දැඩි විරෝධය පළ කර තිබේ.
196 Views
Comments