එංගලන්තයේ ග්‍රේට් යර්මුත් වලත් භූමිකම්පාවක්

එංගලන්තයේ ග්‍රේට් යර්මුත් වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 3.7 ක් ලෙස සටහන් වූ භූමිකම්පාවකින් නෝර්ෆෝක් අවට ප්‍රදේශය කැලඹී ගොස් තිබේ.
මෙම භූමිකම්පාව සිදු වූයේ එසෙක්ස් ප්‍රදේශයේ නිවැසියන්ට "බෝම්බයක වැනි ශබ්දයක් සමග ඇතිවූ රිච්ටර් මාපක 2.6 ක භූමිකම්පාවෙන්" දින කිහිපයකට පසුවයි.
ඉකුත් ඉරු දින පෙරවරු 7.14 ට පමණ උතුරු මුහුදේ වෙරළ තීරයට සැතපුම් 56 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.7 ක් ලෙස දැක්වුණු මෙම භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරකින් ආරම්භ වී ඇත.
තවද, එරට භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද භූ කම්පන ක්‍රියාකාරකම් මෙන් ම එහි නිශ්චිත ස්ථාන තහවුරු කිරීම සඳහා ටිවිටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
මේ අතර ප්‍රදේශවාසීන් පවසා සිටියේ ඔවුන්ගේ නිවාස සෙලවෙන බව ඔවුන්ට දැනුණු බවයි. බෝම්බයක් වැනි ශබ්දයක් සමග නිවාස යටින් ඇදී යන භූගත ශබ්දයක් ද ඇසුණු බව තවත් අය කියා සිටී.
189 Views
Comments