රුසියාව මවිත කරමින් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයෙන් මතු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

රුසියාව මවිත කරමින් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයෙන් මතු වෙයි

රුසියාව මවිත කරමින් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයෙන් මතු වෙයි

රුසියාව සමග නිම නොවන යුද්ධයක පැටලී සිටින යුක්‍රේන ජනාධිපතිවරයා යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට තම රාජ්‍යයෙන් පිටතට ගොස් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

ඔවුන් පවසන ආකාරයට යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මහතා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් එංගලන්තය වෙත පැමිණ තිබේ.

 

මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට අතිශයින් තීරණාත්මක හදිසි කෙටි රාජතාන්ත්‍රික සංචාරයක් වන මෙම ගමනේ දී ඔහු විසින් බ්‍රිතාන්‍යයේ දෙවන චාල්ස් රජු හමුවීමට නියමිත අතර, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

views

215 Views

Comments

arrow-up