සුන් බුන් මැද ජීවිතය ලද දියණිය

අද උදෑසන උතුරු සිරියාවේ නිවසක සුන්බුන් අතර සිරවී සිටියදී උපත ලැබූ බිළිඳියක බේරා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ.
කඩා වැටුණු සුන්බුන් අතුරින් බිළිඳිය සොයා ගන්නා විට ඇය උපත ලබා ගතවී තිබුණේ සුළු මොහොතකි.
ගොඩනැගිල්ල යට සිරවූ ගැබිණි මව සුන්බුන් යට තම දරුවා බිහි කළ නමුත් ගලවා ගැනීමේ කණ්ඩායම ඇය වෙත ළඟා වීමට පෙර අවාසනාවන්ත ලෙස ඇය මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බිළිඳිය ගේ පියා සහ සහෝදර සහෝදරියන් සිව් දෙනාගේද දිවි බේරා ගැනීමට හැකියාවක් ලැබී නැති බව සඳහන් වන අතර සහන කණ්ඩායම් විසින් බිළිඳිය අසල පිහිටි රෝහලක් වෙත යොමු කර ඇති බවද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
239 Views
Comments