පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වූ ගණන 100ක් දක්වා ඉහළට

පකිස්තානයේ පෙශාවර් හි පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් ඉලක්ක කර ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 100 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවට වාර්තා වූ පුද්ගලයින් සංඛ්‍යාව ද 225 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ප්‍රහාරය එල්ල කර තිබුණේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින්.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පස්වරු යාඥා මෙහෙය සඳහා බොහෝ පිරිසක් දේවස්ථානය වෙත රැස්ව සිට තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ යාඥා කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 300 දෙනෙකු පමණ රැස්ව සිට ඇති බවයි.
පකිස්තාන බලධාරීන් පවසන්නේ එම ප්‍රහාරය එරට ආරක්ෂක අංශ අධෛර්යමත් කිරීමට එල්ල වූ ප්‍රහාරයක් බවයි.
එම බෝම්බ ප්‍රහාරයේ වගකීම පකිස්තානයේ ක්‍රියාත්මක තලෙයිබාන් ත්‍රස්ත කණ්ඩායමක් විසින් භාර ගෙන තිබෙනවා.
223 Views
Comments