චීනයෙන් විදේශ හමුදා සඳහා විශේෂ පුහුණුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

චීනයෙන් විදේශ හමුදා සඳහා විශේෂ පුහුණුවක්

චීනයෙන් විදේශ හමුදා සඳහා විශේෂ පුහුණුවක්

ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ආරක්‍ෂක අංශ සාමාජිකයන් 5000 කට වැඩි පිරිසක් සඳහා චීනය ඉදිරි වසර 5 ඇතුලත යුද පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. චීන මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ ශ්‍රී ලංකාව, බෙලරුස් රාජ්‍ය, මොංගෝලියාව, ආමේනියාව, ඉරානය, කාම්බෝජය, තුර්කිය, නේපාලය සහ අසර්බයිජානය යන රටවල් වල ආරක්‍ෂක අංශ සාමාජිකයන් හට මෙම යුධ පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

 

තවදුරටත් එම වාර්තාවල සඳහන් වන්නේ මෙම පුහුණුව රටවල් විසින් මුහුණ දෙන ආරක්‍ෂක අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා වැදගත් වන අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වශයෙන් විශ්වවිද්‍යාල මට්ටමේ හමුදා සහ පොලිස් අභ්‍යාස විද්‍යාල අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමටත් අතිශයින් ඉවහල් වන බවයි.

views

165 Views

Comments

arrow-up