සිරුර කැබලි කර කෲර ලෙස මරා දමන ලද හොංකොං ජාතික නිරූපිකාව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

සිරුර කැබලි කර කෲර ලෙස මරා දමන ලද හොංකොං ජාතික නිරූපිකාව

 සිරුර කැබලි කර කෲර ලෙස මරා දමන ලද හොංකොං ජාතික නිරූපිකාව

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇබී චෝයි නැමැති හොංකොං ජාතික නිරූපිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ හිටපු සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි. ආරක්ෂක අංශ සඳහන් කළේ, 28 හැවිරිදි චෝයි පසුගිය බදාදා අතුරුදහන්වූ බවට තොරතුරු වාර්තා වූ අතර පෙරේදා ඇයගේ සිරුරු කොටස් කිහිපයක් හොංකොං ගම්මානයක නිවසක තිබී සොයා ගත් බවයි.

 

සැකකාර හිටපු සැමියා ඊයේ දිනයේ දී බෝට්ටුවක් මගින් නගරයෙන් පිට වීමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ දෙමව්පියන් සහ වැඩිමහල් සහෝදරයා ද නිරූපිකාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීම සඳහා මේ වන විටත් රඳවාගෙන සිටින අතර චෝයිගේ ඉතිරි ශරීර කොටස් සෙවීමට හොංකොං පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ සිදුකරන බවයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොංකොං පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

views

236 Views

Comments

arrow-up