තුර්කි වැසියන්ට පිහිට වන ශ්‍රී ලාංකික යුවතිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

තුර්කි වැසියන්ට පිහිට වන ශ්‍රී ලාංකික යුවතිය

තුර්කි වැසියන්ට පිහිට වන ශ්‍රී  ලාංකික යුවතිය

පසුගිය දා තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් ගැන බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබේ. තුර්කියේ, අන්කාරා නගරයේ ජීවත් වන ඇය දිල්හානි චන්ද්‍රකුමාර් ය. ඇය සිය දෙමහල් නිවසේ උඩු මහල හයදෙනකුගෙන් යුත් පවුලකට ලබා දී ඇත.

 

“මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්‍රතිලාභය තමයි මානසික සතුට. මේ අපේ මනුෂ්‍යත්වය. මේ වගේ වෙලාවක තමයි තේරෙන්නේ මුදල් හෝ ලෝකයේ තියෙන කිසිම දෙයක් ජීවිතය තරම් වටින්නේ නෑ කියලා” යනුවෙන් ඇය පවසා තිබේ.

views

211 Views

Comments

arrow-up