තුර්කියේ මරණ සංඛ්‍යාව 40000 ට ආසන්න වෙයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව හතළිස් දහසකට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ව මුදා ගැනීමට ඇති හැකියාව අවම වීම හේතුවෙන් දෙරටේම මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් වෙමින් පවතින බව ද වාර්තා වේ.
සහන සේවා කණ්ඩායම් වලට සිරියාවට ඇතුල්වීමට ඉඩ සැලසීමේ අරමුණින් සිරියානු දේශ සීමා දෙකක් විවෘත කිරීමට සිරියානු රජය එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.
ඒ අනුව දේශ සීමාව මාස තුනක කාලයක් සඳහා විවෘතව තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
180 Views
Comments