ඛේදවාචකයක කඳුළු - භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 15,000 දක්වා ඉහළට

නවතම විදෙස් වාර්තා අනුව තුර්කිය සහ සිරියාවේ සිදු වූ ඛේදවාචකයෙන් මිය ගිය සංඛ්‍යාව 15,000 ද ඉක්මවා තිබේ.
බලධාරීන් පවසන ආකාරයට තුර්කියේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 12,391 ක් වන අතර, සිරියානු රජයේ නිලධාරීන්ගේ සහ වයඹදිග සිරියාවේ කැරලිකරුවන්ගේ ගලවා ගැනීමේ කණ්ඩායම් වල සංඛ්‍යා ලේඛන වලට අනුව සිරියානු ජාතිකයින් 2992 ක් මියගොස් ඇති බව සඳහන් වේ.
ඒ අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15383 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සහන කණ්ඩායම් අනාවැකි පළ කරන්නේ දෙරටේම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි.
215 Views
Comments