දෛනිකව මුහුණු පොතට යනඑන පිරිස ගැන එළියට ආ නවතම අනාවරණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

දෛනිකව මුහුණු පොතට යනඑන පිරිස ගැන එළියට ආ නවතම අනාවරණය

දෛනිකව මුහුණු පොතට යනඑන පිරිස ගැන එළියට ආ නවතම අනාවරණය

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි. ෆේස්බුක් සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි. 

 

ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා. එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල ගණන් ඉහළ යාම කැපී පෙනෙන තත්ත්වයක්.

 

මෙලෙස ආදායම ඉහළ ගියද වියදම් කප්පාදු කිරීමට ෆේස්බුක් ගෙන ඇති තීරණය මෙතෙක් වෙනස් කර නැහැ.

 

ඒ අනුව සමාගමේ රැකියා 11,000ක් කපා හැරීමට නියමිතයි. එය ෆේස්බුක් සමස්ත සේවක පිරිසෙන් සියයයට 13ක්. එමගින් ඩොලර් බිලියන 4යි දශම 6ක් ඉතිරි කර ගැනීම අපේක්ෂා වනවා. 

 

ෆේස්බුක් සමාගම ඉකුත් 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම කඩා වැටීමට මුහුණ දුන්නා. රැකියා සහ වියදම් කප්පාදුවට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එම තත්ත්වයයි. ෆේස්බුක් සමාගමේ ඉකුත් වසරේ අවසන් මාස තුනේදී  අමෙරිකානු ඩොලර් බිලියන 32යි දශම 2ක ආදායම් කඩා වැටීමක් සිදුව තිබෙනවා.

 

එවන් පසුබිමක ඉකුත් දෙසැම්බර් මාසය වනවිට ෆේස්බුක් දෛනිකව භාවිත කරන පිරිස ඉකුත් වසරට සාපේක්ෂව සියයට 4කින් ඉහළ ගියා.

views

185 Views

Comments

arrow-up