ඊශ්‍රායල් මෙහෙයුමකින් පලස්තීනුවන් 09 දෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල් හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී පලස්තීනුවන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජෙනින් නම් ප්‍රදේශයේ සිදුකර ඇති මෙම මෙහෙයුම හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර එම ස්ථානයට සහන කණ්ඩායම්වලට යෑමද දුෂ්කර වී ඇති බව පලස්තීන නිළධාරින් පවසයි.
මේ අතර එහි පිහිටි ළමා රෝහලකට ද ඊශ්‍රායල් හමුදාව එල්ල කළ කඳුළු ගෑස් වැදී ඇති බව වාර්තා වේ.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ඊශ්‍රායල් හමුදාව පවසන්නේ පලස්තීන සටන්කාමීන් විසින් සැලසුම් කර තිබූ විශාල ප්‍රහාරයක් වැලක්වීමට ඔවුන් කටයුතු කළ බවයි.
209 Views
Comments