ඉන්දියාව කැළඹූ බුදු පිළිම සමඟ පැමිණි අභිරහස් යාත්‍රාව

බුදු පිළිම රැසක් සමගින් මණ්ඩපයක් මෙන් සැකසූ යාත්‍රාවක් ඉන්දියාවේ රාමේෂ්වරම් මුහුදු වෙරළ තීරයට ගොඩගසා තිබෙන බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් එහි ධීවර ජනතාව නොසන්සුන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
අදාළ යාත්‍රාව ශ්‍රීලංකාවේ උතුරු ප්‍රදේශයේ සිට රාමේෂ්වරම් තංගච්චිමඩම්, අන්තොනියර්පුරම් වෙරළ තීරයට ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශයේ ජනතාව පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ධීවරයින් පොලිසියට හා වෙරළාරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
පොලිසිය හා වෙරළාරක්ෂක නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ යාත්‍රාව තුල විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බුදු පිළිම රැසක් හිඳුවා ඇති බවයි.
මෙය කුමන හේතුවක් මත නිර්මාණය කළ එකක් ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.
ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් හෝ මියන්මාරයෙන් මෙම බුදු පිළිම සහිත යාත්‍රාව පැමිණෙන්නට ඇති බවටයි.
250 Views
Comments