ඇෆ්ගන් කතුන් ගැන සෞදියේදී සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

ඇෆ්ගන් කතුන් ගැන සෞදියේදී සාකච්ඡාවක්

ඇෆ්ගන් කතුන් ගැන සෞදියේදී සාකච්ඡාවක්

තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේද අවධානය යොමුවී තිබෙනවා.

 

ඒ අනුව තලෙබාන් පාලනයෙන් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීමට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකාබලන ලෙස ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය විසින් තලෙබාන් පාලනයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා.

 

සෞදියේ ජෙඩා නුවර පැවති එම සංවිධානයේ විශේෂ හමුවකදී ඇෆ්ගනිස්තානයේ මානුෂීය තත්ත්වය සහ සංවර්ධනයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

එම සංවිධානයට අයත් සාමාජික රටවල් 57ක් ඇෆ්ගනිස්තානයේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම සහ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම ඉස්ලාමීය නීතියේ අරමුණු හා අල්ලා දෙවියන්ගේ ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය, නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ.

views

231 Views

Comments

arrow-up