පාකිස්තානයට ඉදිරි කාලය අභියෝගාත්මකයි - විදෙස් මාධ්‍යය වාර්තා කරයි

රාමසාන් උපවාස සමය ආසන්න වෙත්ම පාකිස්තානය තුළ ආහාරවටල අදාළව අර්බුදයක් මතුවිය හැකි බව විදෙස් මාධ්‍ය අනතුරු අඟවා තිබේ.
ඒ, එරට ගිතෙල් සහ ආහාර පිසීමට ගන්නා අනෙකුත් තෙල්වර්ගවල හිඟයක් ඇතිවෙමින් තිබෙන බවට කරුණු අනාවරණයවීමත් සමගය.
රට තුළ පවතින ඩොලර් අර්බුදය ඊට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත.
පවතින තත්ත්වය පාලනය කර කඩිනම් විසදුම් ගෙනඒමට රජය අපොහොසත් වුවහොත් වෙළෙඳපොලේ පවතින ආහාර පිසීමට ගන්නා තෙල්වල මිල ඉහළ යනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ආනයනික භාණ්ඩ නිෂ්කාසනය සඳහා ණයවර ලිපි සහ අනෙකුත් ලියකියවිලි විවෘත කිරීමට වාණිජ බැංකු අපොහොසත්වීම හමුවේ මෙම අර්බුදය මතුවෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
186 Views
Comments