කොවිඩ් නිසා චීනයේ කර්මාන්තශාලා බිඳවැටේ

චීනයේ කොවිඩ් වසංගතය සීමා ඉවත් කිරීමෙන් පසු, වැඩිවන කොරොන ආසාදන නිසා නිෂ්පාදනය කඩාකප්පල් වී ඉල්ලුම අධික වීම හේතුවෙන්, පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ කර්මාන්තශාලා ක්‍රියාකාරකම් තියුණු වේගයකින් පහත වැටී ඇති බව සමීක්ෂණයක් අනාවරණය කරයි.
Caixin/Markit නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ පැවති එහි 49.4ක්වූ අගය දෙසැම්බර් මාසයේදී 49 දක්වා පහත වැටී තිබේ. එය ප්‍රතිශතාත්මකව කුඩා අගයක් ලෙස පෙනුණද, සමස්ත ක්‍රියාකාරිත්වය අතින් විශාල බලපෑමක් ලෙස සැළකේ.
මීට පෙර මෙම දර්ශකය අඛණ්ඩව මාස පහක් තිස්සේ වර්ධනය 50-ලක්ෂ්‍යයට වඩා ඉහලින් පැවත තිබේ. Caixin සමීක්ෂණය චීනයේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙන කුඩා සහ අපනයන නැඹුරු සමාගම් කෙරෙහි වැඩි අවධානය යොමු කරනු ලබයි.
184 Views
Comments