එක් අයෙක් සතියටම පානය කළ යුතු මත්පැන් ප්‍රමාණය ගැන රජයගත් හදිසි තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

එක් අයෙක් සතියටම පානය කළ යුතු මත්පැන් ප්‍රමාණය ගැන රජයගත් හදිසි තීරණය

එක් අයෙක් සතියටම පානය කළ යුතු මත්පැන් ප්‍රමාණය ගැන රජයගත් හදිසි තීරණය

මත්පැන් සම්බන්ධයෙන් කැනඩාව අපූරු තීන්දුවක් ගෙන තිබේ. එනම් කැනඩා වැසියන් සතියකටම පානය කළ යුත්තේ මත්පැන් ග්‍රෑම් 14ක් (2 drinks) බවට එරට රජය නිර්දේශ කිරීමයි.

 

එසේම මත්පැන් නොබී සිටීමද යහපත් බවට රජය නිර්දේශයක් දී තිබේ.

 

මත්පැන්වලින් සෞඛ්‍යයට වන හානිය අවම කිරීමට ඇමරිකානු රජයද 2020-2025 ආහාර උපදෙස් මාලාවෙන් මත්පැන් පානය නොකිරීම යහපත් බව නිර්දේශ කර තිබිණි.

 

මෙම හානිය අවම කරගැනීමට නම් පිරිමියකු දිනකට ග්‍රෑම් 14ක් හෝ ඊට අඩුවෙන්ද කාන්තාවක නම් ග්‍රෑම් 7ක් (1drink) හෝ ඊට අඩුවෙන්ද පානය කළ යුතුය.

 

ඔන්ටාරියෝ හි මහජන සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එරින් හොව්කින් පවසන්නේ මේ නව උපදේශනවලින් දෙන පණිවුඩය වන්නේ මත්පැන් සුළු වශයෙන් ශරීරගත වුවද අහිතකර බවය.

 

එරට හිසේ සහ ගෙලේ පිළිකා වැඩි වීමට එක් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මත්පැන්ය. වැඩිපුර මත්පැන් පානය කරන විට හිසේ සහ ගෙලේ පිළිකා ඇතිවීමේ අවදානම වඩ වඩාත් ඉහළ යයි.

 

ගෝලීය මත් වතුර සහ මත්ද්‍රව්‍ය සමීක්ෂණයට අනුව කැනඩාව ලොව වැඩිම මත්පැන් පානය කරන රටවල් දහයෙන් එකකට අයත් නොවුණද එරට සමාජීය වශයෙන් මත්පැන්වලට ඇත්තේ ඉහළ පිළිගැනීමකි.

 

මත් වතුර පිළිකා අවදානම ඇති කරන බව 2017 වසරේ සිට මත්පැන් බෝතල්වල ලේබලයේ සඳහන් කිරීමට පියවර ගෙන තිබේ.

 

පෘතුගාලය, බුර්කිනා ෆාසෝ, ප්‍රංශය, බල්ගේරියා, ස්පාඤ්ඤ,ලැට්වියා, අයර්ලන්තය, ජර්මනිය, මෝල්ඩෝවා වැනි රටවල් ලොව ඉහළම මත් වතුර පරිභෝජනයක් පවතින රටවල් අතර ප්‍රධාන තැනක් ගනී.

 

උපුටාගැනීම - මව්බිම

 

views

250 Views

Comments

arrow-up