පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ශ්‍රී ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ශ්‍රී ලංකාවට

පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ශ්‍රී ලංකාවට

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලබන සතියේ දින පහක සංචාරයක් සඳහා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


 
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මහලේකම්වරිය දිවයිනට පැමිණෙන බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය සදහන් කරයි. 


 
සිය සංචාරය අතර තුර පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.


 
පෙබරවාරි මස පළමු වැනිදා පැමිණෙන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පස් වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

views

289 Views

Comments

arrow-up