සොරකමේ ගිය හතරකගේ අත් කපලා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

සොරකමේ ගිය හතරකගේ අත් කපලා

සොරකමේ ගිය හතරකගේ අත් කපලා

 

සොරකම් කිරීම පිළිබඳ චෝදනා ලැබූ සිව් දෙනෙකුගේ අත් කපා දැමීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය පියවර ගෙන ඇත. 

 

මේ බව සඳහන් කර තිබුණේ එක්සත් රාජධානියේ ඇෆ්ගන් ජාතිකයන් නැවත පදිංචි කිරීම පිළිබඳ ඇමැතිවරයාගේ හිටපු උපදේශකවරියක වන ෂබ්නාම් නසීමිය. 

 

ඇය ට්විටර් පණිවුඩයක සටහන් කර තිබුණේ කන්දහාර් නගරයේ පාපන්දු පිටියකදී ප්‍රසිද්ධියේ මෙම දඬුවම ලබා දී ඇතැයි දැනගන්නට ඇති බවයි.

 

මේ අතර සොරකම් සහ විවිධ ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නව දෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර ලබා දී ඇති බව ඇෆ්ගනිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයද නිවේදනය කර ඇත.

views

197 Views

Comments

arrow-up