බංකරයක සිර වු යුක්‍රේන ජනපතිවරයාගේ රහසිගත දිවිය

රුසියානු ආක්‍රමණ ආරම්භ වීමෙන් පසු යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පළමුවරට තමන් ජීවත් වන ස්ථානය පිළිබඳ මාධ්‍ය හමුවේ හෙළිදරව් කොට තිබේ.
එරට මාධ්‍යවේදියෙකු වන Dmytro Komarov සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී 2002 වර්ෂයේ පෙබරවාරි මස 24 වෙනිදා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දිනයේ සිට සිය නිවහන මෙන්ම යුද මෙහෙයුම් මධ්‍යස්ථානය වූ එම භූගත බංකරය පිළිබඳ ජනාධිපතිවරයා තොරතුරු ලබා දීම සිදු කර තිබුණේය.
කුඩා නිදන ඇදක්, ඇඳුම් අල්මාරියක්, කාර්යාල කාමරයක් සහිත එම භූගත බංකරය තුළ යුක්‍රේන ජනාධිපතිවරයා දිවි ගෙවීම ආරම්භ කර දැනට වසරක කාලයක් සම්පූර්ණ වී තිබේ.
214 Views
Comments