බීමත් ඉන්දියානුවෙකු ගුවන් යානයකදී මගියෙකුගේ සිරුරට මුත්‍රා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

බීමත් ඉන්දියානුවෙකු ගුවන් යානයකදී මගියෙකුගේ සිරුරට මුත්‍රා කරයි

බීමත් ඉන්දියානුවෙකු ගුවන් යානයකදී මගියෙකුගේ සිරුරට මුත්‍රා කරයි

නිව්යෝර්ක් සිට නව දිල්ලිය දක්වා ගමන්ගත් ඇමරිකන් එයාර්ලයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයක, බීමතින් සිටි ඉන්දීය ශිෂ්‍යයෙකු තවත් ගුවන් මගියකු ගේ ඇඟට මුත්‍රා කළ පුවතක් වාර්තා වී තිබේ.

 

21 හැවිරිදි මෙම සිසුවා නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට යානය ළඟා වූ පසු, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය විසින් ගුවන්තොටුපල පොලිසිය වෙත භාර දීමට කටයුතු යොදා තිබිණි.

 

ඇමරිකානු ගුවන් සේවය නිවේදනය කර සිටින්නේ මෙම මගියාට තම ගුවන් සේවයට අයත් ගුවන් යානා වල ගමන් කිරීම ජීවිතාන්තය දක්වා තහනම් කරන බවයි.

 

මොහුට එරෙහිව ගුවන්තොටුපළ පොලිසිය විසින් නීතිමය පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.

views

213 Views

Comments

arrow-up