කොරෝනා හා සමාන නව වෛරසයක් ඉන්දියාවෙන් හමු වෙයි

කොරෝනා වයිරසයට සමාන H3N2 ලෙස නම් කරන ලද තවත් වෛරස් රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෛරසය හේතුවෙන් දින පහක් හතත් අතර කාලයක් පවතින උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන බව වාර්තා වේ. තවද, අධික ලෙස ශරීරයේ මාංශපේශි වල වේදනාවක් පැවතීම ද මෙහි රෝග ලක්ෂණයක් වන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටී.
මෙම වෛරසය වැළඳුනු විට ෆැරන්හයිට් අංශක 102- 103 අතර අගයක් දක්වා ශරීර උෂ්ණත්වය ඉහළ යන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
223 Views
Comments