මෙක්සිකෝවට නොයන ලෙසට ඇමරිකානු ජාතිකයින්ට අනතුරු ඇගවීමක්

සති අන්තයේ දිනවල මෙක්සිකෝවට නොයන ලෙස අමෙරිකානු පුරවැසියන්ට එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන් උපදෙස් දී තිබේ.
ඒ පිළිබද ටෙක්සාස්හි මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වය සහ ආරක්ෂක හේතූන් මත අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.
පසුගිය සතියේ මෙක්සිකෝ දේශ සීමාව තරණය කළ අමෙරිකානුවන් හතර දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණ අතර අදාළ සිදුවීම් සැලකිල්ලට ගනිමින් සති අන්තයේ මෙක්සිකෝවේ සංචාර කිරීමෙන් වළකින ලෙස ටෙක්සාස් බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.
211 Views
Comments