තායිලන්තයේ උග්‍ර වායු දූෂණයක්

ලොව ප්‍රමුඛ සංචාරක පුරවරයක් වන බිලියන 11 ක පමණ ජනගහණයක් සිටින තායිලන්තයේ බැංකොක් නුවර අහස කහ සහ කළු පැහැ දුමාරයකින් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
තායිලන්තය තුළ සිදුව ඇති වායු දූෂණයට ප්‍රධාන හේතුව වන්නේ, රථ වාහන වලින් පිටවන දුමාරය, කාබන් විමෝචනය හා වගා කටයුතු සඳහා භූමිය ගිනි තැබීමයි. මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයන් මිලියනයක් පමණ විවිධ රෝගාබාධ සඳහා ගොදුරු වී ඇති අතර, ශ්වසන අපහසුතා ඇතුළු විවිධ රෝගාබාධ හේතුවෙන් ගත වූ සතියේ පමණක් පුද්ගලයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති වායු දූෂණය හමුවේ බැංකොක් නුවර වෙසෙන ජනතාවට සිය නිවෙස්වලින් බැහැර පැමිණෙන්නේ නම් අනුගමනය කිරීම සඳහා වෛද්‍යවරුන් විවින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර, නිවෙස් වලින් බැහැරට පැමිණෙන විට ඉතා හොඳ තත්වයෙන් යුත් මුඛ ආවරණ පළඳින ලෙස වෛද්‍යවරු ජනතාවට දැනුම් දෙයි.
එමෙන්ම, ගර්භණී මව්වරුන් හා කුඩා දරුවන් හැකිතාක් නිවෙස් තුළට වී කාලය ගත කිරීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
තායිලන්ත ගොවීන් වසරේ මේ කාලයේ බෝග වල අස්වනු නෙළා ගැනීමෙන් පසුව පිදුරු පුළුස්සා දැමීමේ හේතුවෙන් කෘෂිකාර්මික කලාපයක පිහිටි නගරයක් වන චියැං මායි හි තත්වය වඩාත් නරක අතට හැරී ඇති බවද සඳහන් වේ.
194 Views
Comments