ලෝක ‌සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට දැඩි චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ලෝක ‌සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට දැඩි චෝදනා

ලෝක ‌සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට දැඩි චෝදනා

කොරෝනා වෛරසයේ මූලාරම්භය හෙළි කරගැනීමට ආරම්භ කළ විද්‍යාත්මක පර්යේෂණ අත්හිටුවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දොස් පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර තුනකට පෙරදී වෛරසය පිළිබඳව දත්ත හෙළි නොකිරීම සහ පසුගිය ජනවාරි මාසයේදී අන්තර්ජාලයට නිකුත් කළ දත්තද මේ වනවිට සොයාගත නොහැකි වීම යන චෝදනා චීනයට එරෙහිව එල්ල වී තිබෙන බව සඳහන් වේ. 

 

 

චීනය විසින් අන්තර්ජාලයට නිකුත් කළ දත්ත අතුරුදන් වීමට පෙර වෛරසය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ විශේෂඥයන් කණ්ඩායම එම දත්ත බාගත කරගෙන විශ්ලේෂණය ආරම්භ කර තිබුණද අතුරුදන් වී ඇති ඇතැම් දත්ත නොමැතිව අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

views

196 Views

Comments

arrow-up