සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් අප්‍රිකානුවන් 34 ක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් අප්‍රිකානුවන් 34 ක් අතුරුදන්

සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් අප්‍රිකානුවන් 34 ක් අතුරුදන්

ටියුනීසියාවේ සිට ඉතාලිය දෙසට ගමන්ගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයන් 34 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

එය දින දෙකක් ඇතුළත වාර්තා වූ පස්වැනි බෝට්ටු අනතුර වන අතර මෙලෙස ඉතාලියට සංක්‍රමණය වෙමින් සිටියදී 33 දෙනෙකු පමණ දැනට මියගොස් ඇත.

 


 
ඊට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා දකුණු ඉතාලි වෙරළ තීරයේ දියත් කළ විශේෂ මෙහෙයුම් දෙකකින් සංක්‍රමණිකයන්
750 කගේ පමණ දිවි බේරාගැනීමට හැකි වූ බව ඉතාලි වෙරළාරක්ෂකයින් පවසා ඇත.

 

 

ටියුනීසියාවේ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා නොකළහොත් උතුරු අප්‍රිකාවේ සිට විශාල සංක්‍රමණිකයන් රැල්ලක් සිය වෙරළට පැමිණීමේ අවදානමක් පවතින බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශ කර තිබේ.

 

 

එබැවින් ටියුනීසියාවේ බිඳවැටීම වළක්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් උදව් කරන ලෙස මෙලෝනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  සහ ඇතැම් රටවල් වලින් ඉල්ලා ඇති බව වාර්තා වේ.

views

191 Views

Comments

arrow-up