මෝදිට එරෙහිව පෝස්ටර් ඇලවූ අටදෙනෙක් අත්අඩංගුවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විරෝධය පළ කරමින් අහමදාබාද් ප්‍රදේශයේ පෝස්ටර් ඇලවූ අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
අත්අඩංගුවට ගත් අටදෙනා ආම් ආද්මි පක්ෂයේ ක්‍රියාකාරීන් වන අතර අගමැති මෝදිට එරෙහිව පෝස්ටර් ව්‍යාපාරයක් දීපව්‍යාප්තව දියත් කර දිනකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටී.
අනවසරයෙන් අහමදාබාද් නගරයේ විවිධ ස්ථානවල විරෝධතා පාඨ සහිත පෝස්ටර් අලවා ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව සඳහන් වේ.
210 Views
Comments