ටික්ටොක් සමාගමට බ්‍රිතාන්‍යයෙන් මිලියන ගණනක දඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

ටික්ටොක් සමාගමට බ්‍රිතාන්‍යයෙන් මිලියන ගණනක දඩයක්

ටික්ටොක් සමාගමට බ්‍රිතාන්‍යයෙන්  මිලියන ගණනක දඩයක්

බ්‍රිතාන්‍යයේ කුඩා දරුවන්ගේ පෞද්ගලික දත්ත අවභාවිත කිරීම ඇතුළු එරට දත්ත ආරක්ෂණ නීතිය උල්ලංඝනය කිරීම් ගණනාවක් සිදු කර ඇති බව කියමින් ටික්ටොක් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 19.9 ක දඩයක් පැනවීමට බ්‍රිතාන්‍ය දත්ත නියාමන අධිකාරිය පියවර ගෙන ඇත.

 

එරට දත්ත නියාමන අධිකාරියේ තක්සේරුවට අනුව 2020 වසරේදී ටික්ටොක් සමාගම එරට අවුරුදු 13 ට අඩු දරුවන් මිලියනයකට වැඩි පිරිසකගේ දත්ත අවභාවිත කර තිබෙන බව වාර්තා වේ.

 

ඔවුන්ගේ දත්ත රැස් කර භාවිත කරන ආකාරය පිළිබඳ නිසි තොරතුරු සැපැයීමට ද ටික්ටොක් සමාගම අසමත් වී ඇති බව වාර්තා වේ.

 

දරුවන් භෞතික ලෝකයේ මෙන්ම ඩිජිටල් ලෝකයේද ආරක්ෂිත බව තහවුරු කිරීමට නීති ඇති බව එම දඩ මුදල පැනවීම සම්බන්ධව බ්‍රිතාන්‍ය තොරතුරු කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන ජෝන් එඩ්වර්ඩ්ස් මහතා ප්‍රකාශ කර තිබේ.

views

238 Views

Comments

arrow-up