රුසියානු හමුදා බක්මූට් අල්ලාගනී

දින ගණනක් තිස්සේ පැවති දීර්ඝ සටන් වලින් අනතුරුව උපක්‍රමික අතින් වැදගත් කේන්ද්‍රස්ථානයක් වන යුක්රේනයේ බක්මූට් නගරය රුසියානු හමුදා ග්‍රහණයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
කෙසේ වෙතත් යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා ඉතා අසීරු මට්ටමකට වැටී සිටියද තවමත් බක්මූට් නගරය රුසියානු හමුදා විසින් අත්පත් කර ගෙන නොමැති බවයි.
යම් හෙයකින් මුළුමනින්ම මෙම ප්‍රදේශය රුසියානු හමුදා යටතට පත්වුවහොත්, යුක්‍රේන හමුදාවන්හි සැපයුම් මාර්ග රැසක් අවහිර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
187 Views
Comments