APR
07
ප්‍රංශ ජනපති චීන ජනපතිගෙන් ඉල්ලූ දේට පුටින් දුන් පිළිතුර

චීන ජනාධිපති ෂී ජින් පිං සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර ඊයේ (06) චීනයේ බීජිං අගනුවර හමුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙම හමුවේ දී රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ප්‍රංශ ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර චීන ජනාධිපතිවරයා ඊට කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව සඳහන් කර ඇත්තේ යුද්ධය නැවැත්වීමට කිසිදු සූදානමක් නැති බවයි.
221 Views
Comments