ඕස්ට්‍රේලියාව දරුණු සුළි කුණාටුවක් අබියස

බටහිර ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළ තීරයට ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදීමේ අවධානමක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
පස්වන කාණ්ඩයට අයත් මෙම සුළි කුණාටුව "ඉල්සා" ලෙස නම් කර ඇති අතර, මේ හේතුවෙන් පැයට කිලෝ මීටර 315 කට වැඩි වේගයෙන් සුළං ඇති වීමේ අවදානමක් පවතින බව සඳහන් වේ.
මේ හේතුවෙන් හෙඩ්ලන්ඩ් වරාය අවට 15,000 කට අධික පදිංචිකරුවන්ට රතු නිවේදන නිකුත් කර ඇති අතර ආරක්ෂිත ස්ථාන කරා යෑමට හෝ නිවෙස් වල රැඳී සිටින්නේ නම් ආරක්ෂිත පියවර ගන්නා ලෙසට එරට කාලගුණ අංශය ජනතාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
217 Views
Comments