බිත්තර ගණන් වැඩි නිසා ජපන් වැසියෝ විකල්ප ආහාර සොයති
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

බිත්තර ගණන් වැඩි නිසා ජපන් වැසියෝ විකල්ප ආහාර සොයති

බිත්තර ගණන් වැඩි නිසා ජපන් වැසියෝ විකල්ප ආහාර සොයති

ජපානයේ බිත්තර මිල 70% කින් ඉහළ යාම හේතුවෙන් ජපාන වැසියන් බිත්තර වෙනුවට ඊට සමාන වෙනත් ආදේශක ආහාර වර්ග වෙත වැඩි අවධානයක් යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසා සිටී.

 

කෘෂිකාර්මික සමූපකාර සංගම් ජාතික සම්මේලනය සඳහන් කළේ ජපානය තුල උග්‍ර ලෙස පැතිර ගිය කුරුළු උණ රෝගය හේතුවෙන් මෙම තත්ත්වය පැන නැගී ඇති බවයි.

 

එහි ප්‍රතිඵලයක් වශයෙන් බිත්තර මෙන්ම බිත්තර ආශ්‍රිත කෑම වර්ග වල මිල අධික ලෙස ඉහළ ගිය අතර ජපාන වැසියන් හට බිත්තර සුඛෝපභෝගී ආහාරයක් බවට පත් විය.

 

ජපානයේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තර කිලෝවක වත්මන් මිල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 846.72 ක් වන අතර බිත්තර යෙදූ ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

 

බිත්තර යොදා සකසන ආහාර වර්ග 15 ක අලෙවියද මේ වන විටත් ජපානය තුළ සිදු නොවන බව සඳහන් වේ.

 

වරින් වර හිස ඔසවන කුරුළු උණ මේ වන විට ජපානයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

මෙවර එහි විකෘති වෛරසයක් ව්‍යාප්ත වනවාදැයි විද්‍යාඥයින් සැක පළ කර සිටී.
 

views

220 Views

Comments

arrow-up