වෙන්දේසියේ විකිණෙන ලොව ලොකුම රතු මැණික

එළඹෙන ජුනි මස 08 වනදා ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී ලොව විශාලතම රතු මැණික වෙන්දේසියේ විකිණීමට නියමිත බව වාර්තා වේ.
කැරට් 55.22 ක් බරැති මෙම මැණික "එස්ටේරලා ඩි ෆුරා" ලෙස නම් කර ඇත.
මෙම වෙන්දේසිය සෝතිබීස් මැග්නිෆිෂන්ට් ජුවෙල්ස් නම් ආයතනය විසින් සිදු කරන අතර මේ වනවිට මැණික සඳහා ඉදිරිපත් කර ඇති මූලික මිල ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය වසරේ ජූලි මාසයේදී මියන්මාරයෙන් එම රතු මැණික සොයා ගෙන ඇති අතර එය මෙම සඳහන් කර ඇති මිලට අලෙවි වුවහොත් ලොව වැඩිම මිලක් නියම වූ රතු මැණික ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
233 Views
Comments