යුක්‍රේනයේ ඉන්දීය වෛද්‍ය සිසුන්ට විශේෂ සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

යුක්‍රේනයේ ඉන්දීය වෛද්‍ය සිසුන්ට විශේෂ සහනයක්

යුක්‍රේනයේ ඉන්දීය වෛද්‍ය සිසුන්ට විශේෂ සහනයක්

යුක්‍රේනයේ අධ්‍යාපනය හදාරමින් සිටින ඉන්දීය වෛද්‍ය සිසුන් හට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට යුක්‍රේන රජය තීරණය කර තිබේ.

 

 

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමග එරට අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය වෛද්‍ය සිසුන් යළි ඉන්දියාව බලා ගොස් ඇත.

 

 

ඒ හේතුවෙන් යුක්‍රේනය, එලෙස යළි සිය රට බලා පැමිණි ඉන්දීය වෛද්‍ය සිසුන්ට ඉන්දියාවේ සිට ප්‍රධාන විභාගයක් සඳහා පෙනීසිටීමට අවසර දෙන බව දැනුම් දී තිබේ.

 

 

යුක්‍රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ ඇති අතර ඇය එහිදී මේ පිළිබඳව ඉන්දියාවට දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

views

192 Views

Comments

arrow-up