දහස් ගණන් විදේශිකයින් සුඩානයෙන් පිටව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

දහස් ගණන් විදේශිකයින් සුඩානයෙන් පිටව යයි

දහස් ගණන් විදේශිකයින් සුඩානයෙන් පිටව යයි

මේ වන විට පවතින පවතින සටන් විරාමය අතරතුර, සුඩානයේ සිටින විදේශීය ජාතිකයන් දහස් ගණනක් එරටින් පිටවීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

එරට රැඳී සිටි බ්‍රිතාන්‍ය වැසියන් කාර්ටූම් අගනුවර අසල පිහිටි ගුවන් තොටුපොළක් වෙත ගොස් සයිප්‍රසය හරහා නැවත එක්සත් රාජධානියට යාමට උත්සාහ කරන අතර, පුද්ගලයන් 230-240 ක් පමණ පිරිසක් සුඩානයෙන් පිටත්වීමට නියමිත ගුවන් යානාවලට නැගී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

රටවල් 50 ක පුද්ගලයන් 2,000 කට ආසන්න පිරිසක් මීට පෙර රතු මුහුද හරහා නෞකාවකින් ජෙඩා වරායට පැමිණි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන ලද අතර, අසල්වැසි ඊජිප්තුව, ඉතියෝපියාව සහ දකුණු සුඩානය වෙත ළඟා වීමට සුඩාන ජාතිකයන් දස දහස් ගණනක් දිගටම උත්සාහ දරමින් සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

 

එසේම කාර්ටූම් අගනුවර රැඳී සිටින පිරිස් නිවාස තුළ කොටුවී සිටින අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර සහ අනෙකුත් සැපයුම් අවසන් වෙමින් පවතින බව ද වාර්තා වේ.
 

views

248 Views

Comments

arrow-up