නිව්යෝර්ක් නගරයේ රථ ගාලක් කඩා වැටී ඛේදජනක අනතුරක්

ඇමරිකාවේ නිව්යෝක්හි මහල් කිහිපයකින් යුත් රථ ගාලක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මහල් තුනකින් සමන්විත මෙම රථ ගාලෙහි දෙවැනි මහල පළමුවෙන් කඩා වැටී තිබෙන අතර, මෙම අනතුරෙන් රථ ගාලේ නවතා තිබූ මෝටර් රථ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා රොබෝ සහ ඩ්‍රෝන තාක්ෂණය ද යොදා ගෙන තිබෙන අතර, අවට ගොඩනැගිලි වලට හානි සිදුව ඇත්දැයි සොයාබැලීමට එරට ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරික්ෂාවන් සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
කෙසේ වෙතත් මෙම රථ ගාල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන් වේ.
251 Views
Comments