ජපානයත් බිත්තර අර්බුදයක

බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සහ අසාමාන්‍ය බිත්තර හිඟය හේතුවෙන් මේ වනවිට ජපානයද බිත්තර ගැටළුවකට මුහුණ පාමින් සිටී.
ජපානයේ මතුව ඇති කුරුලු උණ බිය හේතුවෙන් එරට කුකුළන් මරා දැමීම බිත්තර අඩු වීමටත් එහි මිල වාර්තාගත ලෙස ඉහළ යාමටත් හේතු වී ඇත.
ජපාන දත්ත වලට අනුව කුකුළන් ලක්ෂ 170 ක් මරා දමා ඇති අතර ඉන් 9% ක්ම කිකිළියන් වේ.
බිත්තර යනු ජපානයේ සුඛෝපභෝගී ආහාරයක් බැවින් බිත්තර යෙදූ ආහාර වල මිල ගණන්ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයකි.
ජපානයේ බිත්තර මිල 70% කින් ඉහළ ගොස් ඇති අතර එරට බිත්තර කිලෝවක මිල මේ වනවිට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 900 කට ආසන්න වේ.
වරින් වර හිස ඔසවන කුරුළු උණ මේ වනවිට ජපානයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර එමගින් විකෘති වෛරසයක් ව්‍යාප්ත වන්නේද යන්න පිළිබඳව එරට විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වනු ලබයි.
210 Views
Comments