ඉන්දියාව තුළ කොරෝනා යළිත් හිස ඔසවන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ඉන්දියාව තුළ කොරෝනා යළිත් හිස ඔසවන ලකුණු

ඉන්දියාව තුළ කොරෝනා යළිත් හිස ඔසවන ලකුණු

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඊයේ (05) උදෑසන වන විට ගත වූ පැය 24 දී එරට කොවිඩ් ආසාදිතයන් 4435 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වන අතර, එය මාස 6 කට පසු ඉන්දියාවෙන් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව එරට කොවිඩ් සංඛ්‍යාලේඛන වාර්තා අනාවරණය කර ඇත.

 

අවසන් වරට පසුගිය වසරේ සැප්තැම්බර් මස 25 වැනිදා ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4777 ක් වේ. ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් ආසාදිතයන්ගේ සම්පූර්ණ ගණන 23,091 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

views

219 Views

Comments

arrow-up