MAR
30
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳගේ නිවසට හොරෙන් ඇතුළු වෙන්න හැදුවේ කවුද?

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පෙර විවාහයේ බිරිඳ වන ජෙමිමා ගෝල්ඩ්ස්මිත්ගේ ලන්ඩනයේ පිහිටි නිවසට නාඳුනන පුද්ගලයින් කණ්ඩායමක් ඇතුළු වීමට උත්සාහ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇය ඒ පිළිබඳව සී. සී. ටී. වී දර්ශන වල සටහන් වූ ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයට එක් කර ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
ඡායාරූපවල සිටින සැකකරුවන් හඳුනා ගත හැකි යම් අයෙක් සිටී නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ගෝල්ඩ්ස්මිත් සිය ට්විටර් ගිණුමේ සටහනක් කර තිබේ.
199 Views
Comments