උතුරු කොරියාව අති බිහිසුණු න්‍යෂ්ටික අත්හදාබැලීමක

උතුරු කොරියාව විසින් සිය සතුරු නාවික යාත්‍රා සහ වරායන් විනාශ කිරීම සඳහා "සුනාමියක්" ඇති කළ හැකි න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනයකර සිටී. අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා වූ යුද අභ්‍යාසවලදී උතුරු කොරියානු හමුදාව විසින් මෙම නව ආයුධ පද්ධතිය යොදවා අත්හදා බලා ඇති බව ඔවුන් සඳහන් කරයි.
නව න්‍යෂ්ටික ආයුධ පද්ධතිය නිර්මාණය කිරීමේ මුලික අරමුණ වී ඇත්තේ දිය යට සිදුකරනු ලබන න්‍යෂ්ටික ඩ්‍රෝන පිපිරවීමක් හරහා විනාශකාරී සුනාමි තත්ත්වයක් ඇති කිරීම බව උතුරු කොරියානු KCNA ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කර සිටී.
මෙම න්‍යෂ්ටික දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානය ඕනෑම වෙරළ තීරයක සහ වරායක සිට ක්‍රියාත්මක කළ හැකි අතර, අවශ්‍ය වුවහොත් මෙහෙයුම් සඳහා නෞකාවකින් රැගෙන යා හැකි" බවත්, පසුගිය අඟහරුවාදා උතුරු කොරියාවේ දකුණු හැම්ජියොන් පළාතට ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන ගොස් ඇති අතර ඊයේ දිනයේදී එය පරික්ෂා කර ඇති බව පුවත් ඒජන්සිය සඳහන් කර සිටියි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම අභ්‍යාසය "පෞද්ගලිකව නිරීක්ෂණය" කරනු ලැබූ අතර එය අමෙරිකාවට සහ දකුණු කොරියාවට සිය අසීමිත න්‍යෂ්ටික යුද හැකියාව වැඩි වේගයකින් වැඩි දියුණු කර ඇති බව අවබෝධ කර ගැනීමට" සිදුකරන ලද අනතුරු ඇඟවීමක් විය යුතු බවට පවසා ඇත.
"අමෙරිකාව සහ දකුණු කොරියාව විසින් සිදුකරන යුද අභ්‍යාස අත්හිටුවන ලෙස උතුරු කොරියාව විසින් අනතුරු ඇඟවීම් කිහිපයක් පසුගියදා සිදුකර තිබූ අතර, පසුගිය බදාදා දිනයේදී උතුරු කොරියාව විසින් අවස්ථා ගණනාවකදී මිසයිල අත්හදා බැලීම් සිදුකරනු ලැබූ බවට දකුණු කොරියානු හමුදාව විසින් තහවුරු කර සිටියේය.
223 Views
Comments