සියවස් ගණනක් පැරණි ධාන්‍යාගාරයක් රකින මොරොක්කෝවේ වැසියෝ

උතුරු අප්‍රිකාව පුරා ධාන්‍යාගාර නැති වී ගියත් මොරොක්කෝවේ ඇමසිග් ගම්වැසියන් ඔවුන්ගේ පුරාණ සම්ප්‍රදායන්ට අනුව ඒවා සංරක්ෂණය කිරීමට උත්සාහ කරමින් සිටින අතර ඔලිව් සහ තල් ගස් වලින් වට වූ මොරොක්කෝවේ ඇමසිග් කඳුකර ගම්මානයේ වැසියන් සියවස් ගණනාවක් පැරණි සාමූහික ධාන්‍යාගාරයක් ඇමසිග් සංස්කෘතියේ පැරණි පිළිවෙත්වලට අනුව සංරක්ෂණය කිරීමට කටයුතු කරන බව සඳහන් වේ.
අනෙක් ප්‍රදේශවල පැරණි සම්ප්‍රදායන් අතුරුදහන් වුවත් ඇමසිග් කඳුකර ගම්මානයේ එවැන්නක් කිසිදා සිදු නොවන බව ඇමසිග් ගම්මානයේ වැඩිමහලු Hossine Oubrahim පැවසුවේය. රබාත් අගනුවරට දකුණින් කිලෝමීටර් 460 ක් පමණ දුරින් පිහිටි රළු කඳුකරයේ උස් වූ Ait Kine, රටේ ඉතිරිව ඇති සාමූහික ධාන්‍යාගාර කිහිපයෙන් එකකි.
18 වැනි ශතවර්ෂයේ ඉදිකරන ලද සහ 2012 දී ප්‍රතිසංස්කරණය කරන ලද, මෙම සාමූහික ධාන්‍යාගාරය ප්‍රදේශවාසීන් ඔවුන්ගේ නිෂ්පාදන ගබඩා කිරීමට සහ ආරක්ෂා කිරීමට වර්තමානයේ භාවිතා කරනු ලැබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මොරොක්කෝවේ සංස්කෘතික අමාත්‍යාංශයට අනුව, පුරාණ ධාන්‍යාගාර නොහොත් Agadir 550 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර මෙම පුරාණ ධාන්‍යාගාර යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට නියමිත බවයි.
239 Views
Comments