එක්සත් ජනපද සෙනෙට් සභාව යුධ ක්‍රියාකාරකම් සඳහා ජනාධිපතිගේ මැදිහත්වීමේ හැකියාව අවම කරයි

එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් 1991 දී ගල්ෆ් යුද්ධයටත් 2003 දී ඉරාක යුද්ධයටත් මිලිටරිමය වශයෙන් මැදිහත් වීමට ජනාධිපතිවරයාට ලබා දුන් අධිකාරිය අවලංගු කිරීමට බදාදා දින ඡන්දය ප්‍රකාශ කොට තිබේ.
ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශ්වයම මේ වෙනුවෙන් එක්ව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය ඡන්ද
66-30 කින් ව්‍යවස්ථානුකූලව සම්මත වී ඇත.
සෙනෙට් සභාව විසින් මීට පෙරද මෙම නීතිය ගෙන ඒමට උත්සාහ කළ නමුත් එවකට ජනාධිපති බැරක් ඔබාමාගේ සහ ඉන්පසුව ජනාධිපති වූ ට්‍රම්ප්ගේ සහය ඊට නොලැබී ඇත.
කෙසේ නමුත් මෙම ඡන්දයෙන් පසුව එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් යුද්ධය ප්‍රකාශ කිරීම සඳහා කොන්ග්‍රසයට තනි අයිතිය ලබා දෙනු ඇති බව සඳහන් වේ.
192 Views
Comments