MAR
30
ඉන්දියාවේ කෝවිලක වහලයක් කඩා වැටීමෙන් බරපතල අනතුරක්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි ඉන්දුර් නගරයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර කෝවිලක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 34 ක් එහි ළිඳක් තුළ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
රාම් නවමි උත්සවය වෙනුවෙන් මෙහි පෙරහැර ද පවත්වා ඇති අතර අධික තදබදය මෙම අනතුරට හේතු, වී ඇති බව සඳහන් වේ.
සිරවී සිටි අය අතරින් ළමයින් දෙදෙනකු ඇතුළු 09 දෙනෙකු මුදා ගෙන රෝහල් ගත කර ඇති අතර තවත් 25 දෙනෙකු පමණ ළිඳ තුළ තවමත් සිර වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
170 Views
Comments