රෝගාතුර වූ පාප් වහන්සේගේ තත්වය යළිත් යහපත් අතට

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට වතිකානුව විසින් දැනුම් දී ඇත.
බදාදා (29) පස්වරුවේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්වසන රෝගයක් ඇති වීම හේතුවෙන් රෝමයේ ගෙමෙල්ලි රෝහලට ඇතුළත් කරන ලදී.
නිවේදනයක් නිකුත් කරමින් ශුද්ධෝත්තම පුවත්පත් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ පාප් වහන්සේ ඊයේ රෝහල්ගත කිරීමෙන් පසු රාත්‍රියේදී හොඳින් විවේක ගත් බවයි.
බ්‍රහස්පතින්දා (30) උදෑසන ආහාරයෙන් පසු පාප් වහන්සේ පුවත්පත් කිහිපයක් කියවා නැවත වැඩ ආරම්භ කළ බව ද එම නිවේදනයේ දැක්වේ.
190 Views
Comments