ජීවිත තර්ජන මැදින් ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් උසාවි ආපු හැටි මෙන්න

ගිනි තැබීම, පොලිසියට එරෙහි ප්‍රචණ්ඩත්වය, සහ පොලිස් අත්අඩංගුවේ සිටි සිලී ෂාහ්ගේ ඝාතනය යන සිද්ධීන් සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට එරෙහිව පවරා ඇති නඩු තුනෙන් ඔහුට ඇප ලබා දීමට එරට ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය තීන්දු කර තිබේ.
මෙම නඩුවලට මුහුණ දීම සඳහා ඉම්රාන් ඛාන් අධිකරණයට පැමිණි ආකාරය සුවිශේෂී වන්නේ, ඔහුගේ පැමිණීම සිදු වූයේ විශේෂ ආරක්ෂාවක් යටතේ වෙඩි නොවදින ලෙස හිස පවා ආවරණය කරගෙන බැවිනි.
තම ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තර්ජනයකට මුහුණ දී සිටින ඉම්රාන් ඛාන් තම ජීවිතයට ඇති තර්ජන පිළිබඳ සලකා අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියත්, අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, ඔහු මෙසේ සැරසී අධිකරණයට පැමිණියේ ඉන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
234 Views
Comments